← Back to Events
2026

2026 වස් ආරාධනා පිංකම සහ ධර්ම දේශනා මාලාව

2026 වස් ආරාධනා පිංකම පසුගිය 29 වෙනි දින සිදුකරන ලදී. ගිලන් භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රත්‍ය පහසුකම් සපයන ඔබ සියලු දෙනාගේ නිර්වාණ ප්‍රතිපදාව පූර්ණය කිරීමට අවැසි ධර්ම ඥාණය ලබාදීමේ උතුම් අරමුණින් සෑම ඉරිදා දිනකම සවස 3:00 ට ගිලන් ආරාම පරිශ්‍රයේදී ධර්ම දේශනා මාලාවක් සංවිධානය කර ඇත.

මෙම ධර්ම දේශනා මාලාව හරහා ප්‍රවීණ ධර්ම දේශකයවරුන් පැමිණ සිය දායකත්වය ලබා දෙනු ලැබීය. මෙමඟින් භික්ෂුන් වහන්සේලාගේ ආධ්‍යාත්මක හා මානසික සුවය උදෙසා අඛණ්ඩව ක්‍රියාත්මක වන අපගේ සේවාවන් වලට අදා෽ දැනුම ප්‍රජාවට ලබා දීමට හැකි විය.

2026 වස් ආරාධනා පිංකම main photo

upshot

මෙම ධර්ම දේශනා මාලාව හරහා ගිලන් භික්ෂූන් වහන්සේලාගේ සුවය වෙනුවෙන් දායක වන ඔබ සියලු දෙනාගේ නිර්වාණ ප්‍රතිපදාව ඉටු කිරීමට අවශ්‍ය ධර්ම ඥාණය ලබා ගැනීමට අවස්ථාව උදා විය.